කාන්තාවක් උපරිම තෘප්තිමත් නොවීමට හේතු
කාන්තාවක් උපරිම තෘප්තියට නොපැමිණීමට හේතු • දෙදෙනා අතර තිබෙන සම්බන්ධතාවයේ ගැටලු (Relationship Problem) මෙහිදී අකමැත්තක් ඇතිව ලිංගික ක්‍රියාවලියට සම්බන්ධ වීම, දෙදෙනාගේ රුචි අරුචිකම් ගැන අනවබෝධය, හා හිත්වලින් එකිනෙකා ගැන තිබෙන අප්‍රසාදය බලපාන්න පුලුවන් . • මානසික අවපීඩනයෙන් හෝ දැඩි ආතතියෙන් පෙලීම (Mental Depression and Anxiety) දෙදෙනාගේම මානසික සැහැල්ලු බව මෙහිදී ඉතාම වැදගත් , එක්කෙනෙක් හෝ මෙවැනි තත්වයකින් පෙලෙනවා නම් ගැටලුවක්. • සංස්කෘතික හා ආගමික විශ්වාසවලට ගොදුරු වීම (Cultural and Religion Belief) මේ අදහස් නිසා කාන්තාවන් ලිංගික ක්‍රියාවලිය අතරතුර නිහඩව සිටීම දකින්න පුලුවන්.තමන්ගේ ආසාවන් පිළිබද සහකරු සමග පැවසීමෙන් තම ප්‍රතිරූපයට හානියක් වේවැයි කියන ආකල්ප නිසා බොහෝ කාන්තාවන් සක්‍රියව ලිංගික ක්‍රියාවලියට දායක නොවීමත් මේ සදහා බලපාන තවත් හේතුවක් • කුඩා කාලයේ ලිංගික අපයෝජනයට ගොදුරු වීම (Sexual abuse) මේ නිසා ලිංගික කාර්‍ය සදහා දක්වන බිය, අකමැත්තක් වැනි ස්බාවය සුරාන්තයට කාන්තාවන් පත්නොවීමට බලපාන කරුණක්. මීට අමතරව • පාලනය නොවූ දියවැඩියාව (Uncontrolled Diabetes) • කුඩාකළ වැරදි ලිංගික ...